Micro-controllers and micro-processors
ක්ෂුද්‍ර-පාලක සහ ක්ෂුද්‍ර-සකසන
සාමන්‍ය පුද්ගල පරිගනකයක් සැලකූවිට එය ප්‍රධාන කොටස් කිපයකින් සමන්විත බව අපි දන්නවා එවා නම් මවු පුවරුවක්, දෘඩ තැටියක්, තාවකලික මතකයක්, සකසනයක්, මොනිටරයක්, යතුරු පුවරුවක් ආදිය… ඒ වගෙම මෙම පුද්ගල පරිගනකයක් ක්‍රියත්මක වීමට අවම වශයෙන් මවුපුවරුව, රැම් මතකය, ක්ෂුද්‍ර-සකසනය, ජව සැපයුම අවශය වේ.
දැන් අපි ක්ෂුද්‍ර-පාලක දෙස බලමු, ක්ෂුද්‍ර-පාලකයක් සදහා ජව සැපයුමක් හැර මෙවන් අමතර උපාංග කිසිවක් අවශ්‍ය නොවේ. එයට හෙතුව ක්ෂුද්‍ර-පාලකයක් තුල එය ක්‍රියත්මක විමට අවශ්‍ය උපාංග ඇතුලත් කර තිබිමයි.
සරලවම ක්ෂුද්‍ර-පාලකයක් තුල ක්ෂුද්‍ර-සකසනයක් අන්තර්ගත කර තිබේ.ඊට අමතරව රැම් මතයක්, ආදාන/ අපදාන පාලන ඒකකයක්,ඔරලොසුවක්, ස්ථිර මතකයක් හා වෙනත් පර්යන්ත සෙවාවන් සපයන ඒකක ඇතුලත් කර ඇත.
ක්ෂුද්‍ර-සකසනය |
ක්ෂුද්‍ර-පාලකය |
සෘජුවම ආදානයන්/අපදානයන් (input/output) සමග සම්බන්ධ කල නොහැක. | සෘජුවමආදානයන්/අපදානයන් (input/output) සමග සම්බන්ධ කල හැක. |
විධානයන්(instructions) ක්‍රියාත්මක කිරීම සදහා පමණක්ම භාවිතා කරයි . | බාහිර පරිසරයෙන් ලබා දෙන ආදානයකට(input) අනුව ක්‍රියාත්මක වී ප්‍රතිධානයක්(output) ලබාගැනීම සදහා බාවිතා කරයි |
ක්‍රියාත්මක වීමට පර්යන්ත උපාංග (RAM, HDD) අවශ්‍ය වේ. | ක්‍රියාත්මක වීමට අවශ්‍ය පර්යන්ත උපාංග (periperal devices) ඒ තුලම පවතී. |
දැනට වෙලදපලේ ඇති ක්ෂුද්‍ර-පාලක කිහිපයක් පහත දැක්වේ.

ක්ෂුද්‍ර-පාලක පදනම්වූ සංවර්ධන පද්ධති (Micro-controller Based Development Systems) ගැන අපි ඊලග ලිපියෙන් කතා කරමු.